Homeදේශීයරනිල්ගේ විශේෂ ලන්ඩන් මාධ්‍යය මෙහෙයුම

රනිල්ගේ විශේෂ ලන්ඩන් මාධ්‍යය මෙහෙයුම

විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිත අතර අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් එය මෙහෙයවනු ලබයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස අනුගමනය කළ දැඩි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාව කඩා වැටීමෙන් ගලවා ගත්තේද? නැතහොත් ඉදිරියේදී ඇති විය හැකි විශාල දුක්ඛිත තත්ත්වයන් සඳහා පාර සකස් කළේද?

දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලත් අත්දැකීම් ආදී කරුණු පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් පළ කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිවරයා දින දහයකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටිනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments