Homeදේශීයපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
අනතුරුව පෙ.ව 11.30 – ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.
ප.ව 3.30 – ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කොට ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට දින කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම්දෙනු ලැබුවහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments