පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළේය.
එහිදී තම නිවාසවලට හානි සිදුවූවා යැයි පවසමින් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නාම ලේඛනය සහ ඔවුන් ලබාගත් මුදල් ප්‍රමාණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විශේෂ අනාවරණයක් සිදුකරමින්.
පසුගිය 2022 වසරේදී දේපළ හානි වුණාය කියලා දේශපාලඥයන් රජයෙන් වන්දි ගත් ආකාරයත් හෙළිදරව් කරනවා. තමන්ට වූ හානිය ගැන තක්සේරු කරද්දි ඒ කාලයේ සිටි ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා බලපෑම් කළ ආකාරය අපි දැක්කා. ස්වාභාවික ආපදාවකදී දේපළවලට පූර්ණ හානියක් වුවහොත් දෙන්න හැකි උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25 යි. නමුත් ඒකත් ලැබෙන්නේ නැහැ. ඒ දේපළ හානිය ගැන බලය අතේ තිබෙන අය වන්දි ගත් ආකාරය නමින් නම මම දැන් කියන්නම්.කපිල නුවන් අතුකෝරල රුපියල් 504,000 යි.විමලවීර දිසානායක රුපියල් 550,000 යි.ගීතා කුමාරසිංහ රුපියල් 972,000 යි.ජනක තිස්සකුට්ටිආරච්චි රුපියල් 1,143,000 යි. ගුණපාල රත්නසේකර රුපියල් 1,412,780 යි. ප්‍රේමනාත් සී. දොලවත්ත රුපියල් ලක්ෂ 23 යි. ප්‍රියංකර ජයරත්න රුපියල් 2,348,000 යි. සම්පත් අතුකෝරල රුපියල් 2,540,610 යි. ජයන්ත කැටගොඩ රුපියල් 2,814,800 යි. විමල් වීරවංශ රුපියල් 2,954,000 යි. මහාචාර්ය චන්න ජයසුමන රුපියල් 3,334,000 යි. අකිල එල්ලාවල රුපියල් 3,554,250 යි. චමල් රාජපක්ෂ රුපියල් 6,539,374 යි. චන්දිම වීරක්කොඩි රුපියල් 6,948,800 යි. අශෝක ප්‍රියන්ත රුපියල් 7,295,000 යි. සමන්ප්රිය හේරත් රුපියල් ලක්ෂ 105.2 යි. ජනක බණ්ඩාර තෙන්නකෝන් රුපියල් 105.5 යි. රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 116.4 යි. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රුපියල් ලක්ෂ 137.8 යි. සහන් ප්‍රදීප් රුපියල් ලක්ෂ 171.3 යි. ශෙහාන් සේමසිංහ රුපියල් ලක්ෂ 185.1 යි. ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5 යි. මිලාන් ජයතිලක රුපියල් ලක්ෂ 223 යි. දොස්තර රමේෂ් පතිරණ රුපියල් ලක්ෂ 281 යි. දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ 288 යි. කනක හේරත් රුපියල් ලක්ෂ 292 යි. ඩී.බී. හේරත් රුපියල් ලක්ෂ 321 යි. ප්‍රසන්න රණවීර රුපියල් ලක්ෂ 327 යි. ඩබ්ලිව්. ඩී. වීරසිංහ රුපියල් ලක්ෂ 372 යි. ශාන්ත බණ්ඩාර රුපියල් ලක්ෂ 391 යි. එස්.එම්. චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 438 යි. සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427 යි. සිරිපාල ගම්ලත් රුපියල් ලක්ෂ 509 යි. අරුන්දික ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 552 යි. සුමිත් උඩුකුඹුර රුපියල් ලක්ෂ 559 යි. ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 561 යි. කෝකිලා ගුණවර්ධන රුපියල් ලක්ෂ 587 යි. මොහාන් පී. ද සිල්වා රුපියල් ලක්ෂ 601 යි. නිමල් ලංසා රුපියල් ලක්ෂ 692 යි. අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709 යි.ගාමිණී ලොකුගේ රුපියල් ලක්ෂ 749 යි. ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934 යි. කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959 යි.
පසුගිය අරගල සමයේ තමන්ගේ දේපළවලට හානි සිදු වුණාය කියා රජයෙන් ගත් වන්දි මුදල් තමා මේ හෙළි කළේ. මේ 43 දෙනා විතරක් එකසිය විසි දෙකෝටි හතලිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් වන්දි විදියට අරගෙන තිබෙනවා. රුපියල් කෝටි 122.41 යි. බලය පාවිච්චි කර මේ අය වන්දි ගත් ආකාරය තමයි මේ
ඒ අනුව මෙම 43දෙනා ලබාගෙන ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 122.41ක් වේ.