පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණි.ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 – 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවයි.
මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190ක් අහිමිව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734ක් ලෙසය.