Homeදේශීයසබරගමුවේ වැඩබලන බස්නායක නිළමේ ඉවතට

සබරගමුවේ වැඩබලන බස්නායක නිළමේ ඉවතට

වැඩබලන බස්නායක නිලමේ තනතුරට පත් කළ ආකාරයට විරෝධය පා සබරගමුව මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටලයේ කපු මහත්වරු හා පිට කට්ටලයේ මොහෙට්ටාලවරු රාජකාරිවලින් ඉවත් විය.

පසුගිය දෙසැම්බර් 31 වන දා සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාරගේ ධූර කාලය අවසන් විය.

පවතින තත්ත්වය මත ඔහුගේ ධූර කාලය නැවතත් දීර්ඝ නොකර නිලවරණයක් පවත්වා සුදුසු නිලමේවරයෙකු පත්කරනතුරු වැඩ බැලීම සඳහා මාස තුනක කාලයකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන වන එස්.වී. චන්ද්‍රසිංහ (චන්දරේ) පත් කිරීමට කටයුතු කෙරිණි. ඔහු මේ තනතුරට සඳහා වන එකම සුදුසුකම වත්මන් ආණ්ඩු පක්ෂයට මැතිවරණවලදී මුදල් වියදම් කිරීම බවට චෝදනා එල්ල විය.

එසේ වැඩ බැලීමට නිලමේවරයෙකු පත්කළ ආකාරයට විරෝධය පා දේවාලයේ ඇතුල් කට්ටලයේ කපු මහත්වරු හා පිට කට්ටලයේ මොහෙට්ටාලවරු රාජකාරිවලින් ඉවත් විය. කෙසේවෙතත්, පසුව දේවාලයේ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.

‘චන්දරේ’ ඉවත් කිරීමෙන් පසු රාජකාරි මණ්ඩලය සමන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගෙන පසුගිය 4 වෙනිදා අකර්මණ්‍ය වී තිබූ තම රාජකාරි කටයුතු ආරම්භ කළහ.

ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීම සම්ප්‍රදායට හා නීතියට පටහැනිව සිදු කර ඇති නිසා ඊට විරුද්ධව හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර ප්‍රමුඛ රාජකාරි මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් කොළඹ අභියාචනාධිකරණයේ ගොනු කරන ලද නඩුවක් පසුගියදා සලකා බැලූ අභියාචනාධිකරණය එම වැඩබලන බස්නායක නිලමේවරයා එම තනතුරින් ඉවත් කිරීමට තීන්දුවක් ලබා දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments