Homeදේශීයඅනුර ලෝක රාජ්‍ය සමුළුවට අරාබියට යයි

අනුර ලෝක රාජ්‍ය සමුළුවට අරාබියට යයි

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 පෙබරවාරි 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතනු ඇති අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් හමුවීමට ද නියමිතය.

තවද, සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ජනාධිපති දිසානායක ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ඇත.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ජනාධිපති දිසානායක තොරතුරු තාක්ෂණ, කෘත්‍රීම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද කටයුතු කරනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments