පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදු කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මේ අතර සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කළේ, ඩිජිටල් ආර්ථිකයකට රට හුරුවීමත් සමග සයිබර් ආරක්ෂණය සම්බන්ධ රෙගුලාසි දැඩි විය යුතු බවයි.
මේ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයක් පිහිටුවන බවද ඔහු ප්‍රකාශ කළේ ය.