Homeදේශීයඉන්දීය අයවැයෙන් විදෙස් රටකට වෙන් කළ වැඩිම මුදල භූතානයට

ඉන්දීය අයවැයෙන් විදෙස් රටකට වෙන් කළ වැඩිම මුදල භූතානයට

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.

ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245ක මුදල මෙම වසරේදී ඉන්දීය රුපියල් කෝටි 300 දක්වා ඉහළ දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ

ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් 2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

එම අයවැයෙන් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල භූතානය සඳහා වෙන් කර ඇති අතර එම මුදල දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක් ලෙසයි.

ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුවෙන් වෙන් කර තිබූ මුදල ඉන්දීය රුපියල් කෝටි 2,068ක් බව සඳහන්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments