Homeදේශීයවිදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඩුවෙලා

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඩුවෙලා

ඉකුත් ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඩුවී තිබේ.

ඉකුත් ජූලි මාසයේදී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 778 කට ආසන්න අගයක් ලැබී ඇති අතර, එය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 749 කට ආසන්න අගයක් දක්වා අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තා පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6,131 ක මුදලක් ලැබී ඇත. ඉකුත් වසරේ (2025) සමාන කාලපරිච්ඡේදය තුළදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5,116 කි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments