Homeදේශීයනාමල් අත්අඩංගුවට. ලිමිණි කරලියට.මහින්ද අනුරාධපුරට

නාමල් අත්අඩංගුවට. ලිමිණි කරලියට.මහින්ද අනුරාධපුරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ. මේ අතර, ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ දැවැන්ත ජන රැලිය වෙනස් නොකර සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම රැලියේදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ ජනතාව ඇමතීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දේශපාලන රැස්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔහු සාම්ප්‍රදායිකව ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියේ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වෙන ‘ජන සටන’ රැලිය කිසිවෙකුට නතර කළ නොහැකි බවයි.

“නාමල් රාජපක්ෂ 12 වෙනිදා හිටියත් නැතත්, මේ රටේ ගොවි ජනතාව සහ රට වෙනුවෙන් ජනතාව අපව ජයග්‍රහණය කරවන්න එකතු වෙනවා. අනිවාර්යයෙන්ම 12 වෙනිදා ‘ජන සටන’ නමින් මෙම රැස්වීම පැවැත්වෙනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ,” යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments