Homeදේශීයගෙදර ඉඳන් ඇමතිට කියන්න 118

ගෙදර ඉඳන් ඇමතිට කියන්න 118

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂය පථයන්ට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධව මහජන පැමිණිලි ලබාදීමේ ‘118 මහජන ආරක්ෂක සේවා මැදිරිය’ විවෘත කිරීම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණි.

මෙහිදී 118 ගාස්තු විරහිත ඇමතුම් සහ 118.pubsec.gov.lk හරහා මාර්ගගත මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද සලසා දී තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවලට අදාළ තොරතුරු සහ මහජන පැමිණිලි මෙම 118 අංකයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments