Homeදේශීය1990 යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කෙරේ.

1990 යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කෙරේ.

යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අධික රථ වාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා සහිත ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගිලන් රථයක් ළඟාවීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බව සුව සැරිය පදනම සඳහන් කළේය.

මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිත අතර මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගිමින් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments