Homeදේශීයඅනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම මෙන්න

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම මෙන්න

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් පූජනීය ස්ථානවල අලුතින් ආගමික ගොඩනැගිලි ඉදිකිරීමක් හෝ පූජා භූමි වෙත පැමිණෙන බැතිමතුන්ට කිසිදු බාධාවක් හෝ සීමා පැනවීමක් සිදු නොකරන බව දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන සඳහන් කළේ 2026 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය වැරදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් පූජා නගරයේ යෝජිත සංවර්ධන කටයුතු පිළිබඳව මෙලෙස නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බවයි.

එම සැලැස්ම යටතේ අලුතින් හින්දු කෝවිල්, දේවාල හෝ මල් ආසන ඉදිකිරීමට යෝජනා වී ඇති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, බැතිමතුන්ගේ ආගමික වන්දනාමාන කටයුතු සඳහා කිසිදු අයුරකින් සීමා පැනවීමක් සිදු නොවන බවට ද සහතික විය.

රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඉදිකර ඇති වැට සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, පුරාවිද්‍යාත්මක භූමිය ආරක්ෂා කර ගැනීමටත් සතුන් ඇතුළු වීම වැළැක්වීමටත් රුවන්වැලි සෑයේ සිට මීටර් 500 ක් පමණ දුරින් මෙම ආරක්ෂිත වැට ඉදිකර ඇති බවයි. ඉදිරියේදී ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත වන පරිදි ගස් වැල් යොදාගනිමින් මෙම වැට පරිසර හිතකාමී ජෛව වැටක් බවට පරිවර්තනය කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිත සංවර්ධන කටයුතු දශක ගණනාවක සිට ක්‍රියාත්මක වන බවත්, අවසන් වරට නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද එම තීරණාත්මක සංවර්ධන වැඩසටහනේම කොටසක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් කිසිදු නිගමනයකට එළඹීමට පෙර අදාළ ගැසට් නිවේදනය පරිශීලනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු සෘජුවම දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments