මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් වහාම විගණනයක් සිදු කිරීමටත් නිර්දේශ කර ඇති බව සඳහන්.



