ඩෙංගු රෝග ව්‍යාප්තියට ස්ථිර විසඳුමක් ලෙස වොල්බැකියා (Wolbachia) ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන්කර ඇති බවයි.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, මේ වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 54,189 දෙනෙකු වාර්තා වී ඇති අතර (29) දිනයේ පමණක් රෝගීන් 1,030 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද එම ඒකකය අනතුරු අඟවනවා.
ඩෙංගු වෛරසයේ දෙවන ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් පවතින අතර, දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 75කටම එම ප්‍රභේදය ආසාදනය වී ඇති බව සඳහන්.
මේ වසර තුළ ඩෙංගු මරණ 31ක් ද වාර්තා වී තිබෙනවා.



