සමාජය පුරාවටම පසුගිය කාලසීමාවේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි විරාජ් වික්‍රමනායක කියන්නේ.
ඔහු සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණා.
ඒ අනුව ඒ සම්බන්ධව සමාජයේ බොහෝ දෙනා කතා කරනා විට ඔහු අද දිනයේ කරුණු සලකා බලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිස්ටර් කොත්තු විරාජ් ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.
“මගෙන් වැරැද්දක් වුණා ලංකාවටම වැරැද්දක් උනා.ඒ ගැන ඇත්තටම සමාව ඉල්ලනවා.සේවකයන්ට මගෙන් වෙච්ච දේ පිළිබඳව අවුලක් තියෙනවා.ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්නවා.ඇත්තටම මේක මගේ වැරැද්දක් නිසා උනු දෙයක් මං මේ වැරැද්ද පිළිගන්නම ඕනි” යනුවෙන් ඔහු මෙහිදී මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.



