අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීමේ වාර්තාව පැමිණි පසු ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබූ ආකාරයට පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට මෙතරම් ප්‍රමාදවන්නේ කුමන හේතුවක් මතදැයි සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා අතර, ඊට පිළිතුරු දෙමිනුයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේ පවසා සිටියේ.
“අපි අභිචෝදක කාර්යාල පිහිටුවීමේදී බලාපොරොත්තු වන්නේ, නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද? අභිචෝදක කාර්යාලට දෙන බලතල මොනවාද? යන්නයි.
මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ, නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුවක් වුණොත් ඒ ගැන දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලයේ බලතලයි නීතිපතිගේ බලතලයි වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්නේ කුමන ආකාරයටද කියලා අපිට හිතාගන්න බෑ.
අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීමේ වාර්තාව ආවට පස්සේ තමයි ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ.
ඒ වගේම අපි දැන් වැඩ කරනවා. වැඩ නොකරනවා නෙවෙයි. අවසාන වාර්තාව ඉල්ලන්න විතරයි තියෙන්නේ. මොකුත් නොකරනවා නෙවෙයි. කරනවා. ඒකයි මේ පියවර ගනිමින් පවතින්නේ” යනුවෙන්.



