Homeදේශීයආණ්ඩුවේ මන්ත්‍රීවරු 45ක් සභාවේ නෑ

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 45ක් සභාවේ නෑ

ජාතික පාරිසරික සංශෝධන පනත පිළිබඳ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් අවශ්‍ය බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද වීමසීමේදී පනතට පක්ෂව ඡන්ද 113ක් සහ විරුද්ධව ඡන්ද දහයක් හිමිවිය.වැඩි ඡන්ද එකසිය තුනකින් පනත දෙවනවර කියවීම සම්මත විය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනා අතුරෙන් මන්ත්‍රීවරුන් හතළිස් පස්දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.

මෙලෙස ඡන්ද විමසීමක් පවත්වා පනත සම්මත කළද
එය ව්‍යවස්ථාවට අනුව ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිගින් දිගටම පෙන්වා දුන් අවස්ථාවේ පනත පිළිබඳ නීතිපතිවරයාගේ මතය නියෝජ්‍ය කතානායක රිස්වි සාලි විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments