ශ්රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
මෙම රක්ෂණ ක්රමය යටතේ සහනදායී වාරිකයක් මත නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නායයෑම් සහ වන අලි හේතුවෙන් පොල් වගාවට සිදුවන හානි ආවරණය කිරීමට නියමිතය.
එක් පොල් පැළයක් සඳහා රුපියල් 40ක රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් වාර්ෂිකව රුපියල් 550ක රක්ෂණ ආවරණයක් ලබාගත හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම උපරිම රක්ෂිත කාලසීමාව වන වසර 6 සඳහා රුපියල් 875ක වාරික මුදලක් යටතේ එක් පොල් පැළයක් සඳහා වාර්ෂිකව රුපියල් 12,450ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.
ස්වභාවික ආපදා සහ වන අලි හානි වැනි අවදානම් හේතුවෙන් පොල් වගාකරුවන්ට සිදුවන පාඩු අවම කර ගැනීම මෙහි අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මෙම රක්ෂණ යෝජනා ක්රමය හරහා වගාකරුවන්ට වඩාත් ආරක්ෂිතව පොල් කර්මාන්තය පවත්වාගෙන යාමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



