Homeදේශීයඇඟිලි වල තීන්ත ගෑම නතර වෙන හැටි

ඇඟිලි වල තීන්ත ගෑම නතර වෙන හැටි

මැතිවරණ වලදී ඇඟිලි වල නොමැකෙන තීන්ත ආලේපනය නතර කිරීම සඳහා කැබිනට් අනුමැතිය පළව තිබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පැවසූ පරිදි මෙමගින් තීන්ත සඳහා වියදම් වූ මුදල ලෙස පමණක් රුපියල් මිලියන 30කට අධික මුදලක් එක් මැතිවරණයකදී ඉතිරි කර ගැනීමට හැකිවේ.

ඊට අමතරව මෙතෙක් කලක් තීන්ත ආලේප කිරීම සඳහා යොදාගත් නිලධාරින් 12000 ක් පමණද මැතිවරණ රාජකාරී වලට එක් කර ගැනීම නවතා ගැනීමේ හැකියාව හිමිවෙයි.

අතීතයේ සිට මැතිවරණවලදී ඇඟිල්ල පාට කිරීම සිදු කෙරුණේ එක් පුද්ගලයෙකු දෙවතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වා ගැනීම සඳහාය.

මෙම තත්වය වඩාත් ශක්තිමත් කිරීමට ජාතික හැඳුනුම්පත ඡන්ද සඳහා අනිවාර්ය කිරීමටද පියවර ගැණුනා.

ඒ අනුව එකම කාර්යයක් සඳහා ක්‍රියාමාර්ග දෙකක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව පසුගිය කාලය පුරාවටම මැතිවරණ දෙපාර්තමේන්තු බලධාරීන් විසින් කලින් කලට බලයට පත් වූ ආණ්ඩු වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුවයි ඇඟිල්ල පාට කිරීමේ ක්‍රියාමාර්ගය ඉවත් කර ඒ වෙනුවට ජාතික හැඳුනුම්පත අනිවාර්යය කිරීමේ ක්‍රියාමාර්ගය පමණක් මින් ඉදිරියට භාවිතයට ගැනීමට තීරණය වී ඇත්තේ.

මේ යෝජනාව මීට පෙර අවස්ථාවලදී ආණ්ඩු වලට ඉදිරිපත් වූ විට ඇතැම් මැතිවරණ ආසන්නයේ තිබූ පසුබිමක එම ආණ්ඩු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට කිසියම් බියක් පළ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු පැවසුවා.

එහෙත් වර්තමානයේ මැතිවරණයක් නොමැති පසුබිමකුත් පවතින ආණ්ඩුවට එවැනි ගැටලුවකින් තොරව මෙවර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට හැකි වී ඇති බවත් ඔහුගේ අදහස.

මෙම තීරණය ක්‍රියාවට නැගීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමෙන් අනතුරුව එය සම්මත කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ලබා ගත යුතු වනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments