HomeදේශීයOnline Safety පනත රිවර්ස් වෙන හැටි.

Online Safety පනත රිවර්ස් වෙන හැටි.

පක්ෂ නායකයන් ගනු ලැබූ තීරණයකට අනුව මාර්ගගත ආරක්ෂණ (නිෂේධන) පනත් කෙටුම්පත
Online Safety (Repeal) Bill පිළිබඳ විවාදය ලබන ජූනි මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව සභානායක කාර්යාලය පවසයි.

එම නියමිත දිනයේ පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාර්ගගත ආරක්ෂණ (නිෂේධන) පනත් කෙටුම්පත මෙසේ විවාදයට ගැනෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික මන්ත්‍රී පනත වීම විශේෂත්වයක්.

ජාතික වැදගත්කමක් සහිත ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගෙනා පෞද්ගලික මන්ත්‍රී පනතක් මෙලෙස සම්මත වීම සුවිශේෂී තත්වයකි.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) 2024 වසරේ පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබීය.

සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන කිහිපයක් ඇතුළු පාර්ශ්ව රැසක් මෙම පනතට එකල දැඩි ලෙස විරෝධය පළකළහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments