මානුෂීය අර්බුදය හමුවේ සලේ ගේ බිරිඳ ඉකුත්දා මහනුවර අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක හිමියන් හමුවේ හැඬූ කඳුළින් කළ ආයාචනයට ප්‍රතිචාර ලැබී ඇත.
අස්ගිරි පාර්ශවයේ මහානායක, ආචාර්ය වරකාගොඩ ධර්මසිද්ධි ශ්‍රී පඤ්ඤාණන්ද ඥාණරතනාභිධාන මහා නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ නිල ලිපියක් යොමු කර තිබේ. සලේ ගේ බිරිඳගේ ආයාචනය ජනාධිපතිවරයාගේ කාරුණික අවධානයට යොමු කරමින්, මේ සම්බන්ධයෙන් “සුදුසු සහ සහනදායී” පියවරක් ගන්නා ලෙස මහානායක හිමියන් ජනපතිගෙන් ඉල්ලා ඇත.



