විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සත්තකින්ම ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයකදීම සමගියෙන් සහ ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.
මෙම ප්‍රබල දේශපාලන සන්ධානගත වීම පිළිබඳව සැලවීමත් සමඟ වත්මන් ආණ්ඩුව දැඩි බියට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ විවිධ පාර්ශවයන් කුමන මත ප්‍රකාශ කළද, සමගි ජන බලවේගයේ මෙන්ම පොදු විපක්ෂයේ ද නොසැලෙන නායකයා අදත් හෙටත් සජිත් ප්‍රේමදාස මහතාම බවයි.
“රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මැතිවරණ දේශපාලනයේදී සමගියෙන් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. මේ මහා දේශපාලන බලවේගය දෙස බලා ආණ්ඩුව දැන් ඉඳලම බය වෙලා. කවුරු මොනවා කිව්වත්, මොන කුමන්ත්‍රණ කළත් අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා කියන එක අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ,” යැයිද මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
නායකත්වයේ වෙනසක් නෑ: කවුරු මොනවා කිව්වත් අදත් හෙටත් අපේ එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතායි.



