රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ පළමු ස්ථානය රුමේෂ් තරංග දිනා ගැනීමට සමත්විය.
මෙම ඉසව්වේදී මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව ඔහු වාර්තා කර ඇති අතර ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වන අතර හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වේ.



