ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.
එය පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මෙම සංචිත ප්‍රමාණය ඉහළ යාම සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි සංචිත ද ඇතුළත් වන බවද මහ බැංකුව සඳහන් කරනවා.



