ලෝක මුගුරු පාද දින ( World Club Foot Day ) සැමරුම වෙනුවෙන්
මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
කල් තියා හදුනාගන්න
විගස ප්‍රතිකාර අරඹන්න
නිදහසේ පිය නගන්න ඉඩ දෙන්න.යන්න මෙවර තේමාවයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මුගුරු පාද ( Club Foot ) ආබාධ කළමනාකරණය පිළිබඳ Miracle Feet ව්‍යාපෘතිය හා Humanity Inclusion සංවිධානය , විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ සම්පත් දායකත්වය සහිතව සංවිධානය කර තිබිණ.
මුගුරු පාද ආබාධ සහිතව උපන් දරුවන් දෙදෙනකුගේ භාරකරුවන් තම කතාව දිග හැරුමද සිදුවිය.
මුගුරු පාද තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවට ජනතාව දැනුවත් කිරීම සහ ඒ සඳහා යොදාගන්නා පොන්සෙටි ක්‍රමය (Ponseti Method) පිළිබඳව අවධානය යොමු කිරීම මෙම දිනයේ අරමුණක්.
දරුවා ඉපදී සති කිහිපයක් ඇතුළත (මුල් මාස කිහිපය තුළ) මෙම සායනික ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් දරුවාගේ පාදය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි අතර, ඔවුන්ට අනෙක් සාමාන්‍ය දරුවන් මෙන් දුව පැන ඇවිදීමට මෙන්ම ක්‍රීඩා කිරීමටද පූර්ණ හැකියාව ලැබේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH), කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලුම ප්‍රධාන ශික්ෂණ සහ දිස්ත්‍රික් රෝහල්වල මේ සඳහා වන විශේෂ විකලාංග සායනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.
මෙම අවස්ථාවට
ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය.
මහාචාර්ය කපිල ජයරත්න
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිමුතු තෙන්නකෝන් මහත්වරු සහභාගී වී සිටියහ.



