Homeදේශීයපොසොන් කමිටුව වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

පොසොන් කමිටුව වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

ඒ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී ය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද ඊට එක්විය.

මෙවර පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාවට 3,500කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර තිබේ.

මේ අතර පෙර දැනුම්දීමකින් තොරව කිසිදු දන්සලක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබානොදෙන බවද මෙහිදී සඳහන් කෙරුණි.

මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ පරිසරයට හානි නොකර, පරිසර හිතකාමීව ක්‍රියා කරන ලෙසය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments