රටේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඩොලර් මිලියන 2.5 මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවන ලද වාර්තාව තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බවත්, එය කාරක සභාවෙන් වසන් කර තමන්ගේ පුද්ගලික පරිශීලනය සඳහා පමණක් එවීමට ගත් උත්සාහය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු පෙන්වා දුන්නේ, අදාළ මූල්‍ය වංචාව පිළිබඳව සියලු විස්තර සහිත වාර්තාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සති හතරක කාලයක් ලබා දී තිබූ බවයි.
එලෙස දීර්ඝ කාලයක් ප්‍රමාද වී පැමිණි වාර්තාවේ “කාරක සභාවේ සභාපතිවරයාගේ පුද්ගලික පරිශීලනය සඳහා පමණයි” (for the exclusive personal reference of the honorable chairman of the committee only) යනුවෙන් සඳහන් කර තිබූ බව ඔහු අනාවරණය කළා.
තමන් මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කරන පුද්ගලයෙක් බවත් මේ වන විට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස වාඩිවී සිටින්නේ, පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොවන බවත් හර්ෂද සිල්වා මහතා තදින් කියා සිටියා.
කෙසේවෙතත් එම වාර්තාව ඉල්ලා සිටියේ, තනියම කියවීමට නොවන බව පැවසූ ඔහු පෙන්වාදෙන්නේ, මුදල් කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට එම වාර්තාව ඉල්ලූ බවත් එබැවින් තම නිවසට එවූ වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ අනුව එම වාර්තාව නැවත පාර්ලිමේන්තුව හරහාම ඔවුන් වෙත හරවා යැවීමට කටයුතු කළ බවයි ඔහු පවසන්නේ.



