ගංගාරාම විහාරවාසී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ කොළඹ ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්විය.
ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ පැවති දන්සැල විවෘත කිරීමට ද ඔහු සහභාගී වී ඇත.
මෙහි විශේෂත්වයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ අසල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නත් ඔහු අසල සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනත් අසුන් ගෙන සිටිනු දක්නට ලැබීමයි.



