රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ව්‍යාපාරික ප්‍රජාවේ අනාගතය පිළිබඳව මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සමඟ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහි විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානියා සේ සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී නොවීමයි.
එපමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම මිතුරා මෙන්ම දේශපාලන උපදේශකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා ඉදිරිපෙළ අසුන්ගෙන සිටිනු දක්නට ලැබේ.



