Homeදේශීයපළාත් සභා මැතිවරණයට ලෑස්තියි

පළාත් සභා මැතිවරණයට ලෑස්තියි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීය.

ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී.

කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දන්වා සිටින ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments