Homeදේශීයරුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය

රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මේ වනවිට කොළඹ වරායට ගොඩබා තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයෙකු වන WKV Hydro Group සමාගමට අනුබද්ධ Galilee BESS Ltd. ආයතනය විසිනි.

ඔවුන් වෙත පවරා දී ඇති ගාල්ල සහ මාතර යන ස්ථානයන්හි මෙම පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය. ඉදිරි මාස කිහිපය තුළ මේවා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) වෙත විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයක් වූයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ පවතින අස්ථාවරත්වය සහ උපරිම විදුලි ඉල්ලුම පවතින වේලාවන්හිදී ඇති වන විචලනයන් කළමනාකරණය කිරීමයි.

මෙම පද්ධතිය හරහා ජාතික පද්ධතියට එක්වන සෑම මෙගාවොට් පැයක බැටරි ගබඩා ධාරිතාවයක්ම, වඩාත් ස්ථාවර සහ ඔරොත්තු දෙන විදුලි පද්ධතියක් නිර්මාණය කිරීමට ඉවහල් වේ. එමඟින් නිවාස, ව්‍යාපාර මෙන්ම සමස්ත ආර්ථිකයටම විශ්වාසදායක සහ පිරිසිදු බලශක්තියක් සැපයීමට මඟ පෑදෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සැපයුම්කරු ලෙස ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති ගබඩා පද්ධති නිෂ්පාදකයෙකු වන චීනයේ Sungrow Power සමාගම කටයුතු කරයි. එමෙන්ම, මෙම සුවිශේෂී සහ දැවැන්ත ව්‍යාපෘතියේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් කටයුතු හසුරුවනු ලබන්නේ Expolanka Project Logistics සමාගම විසිනි.
මෙය රුපියල් බිලියන 40ක ව්‍යාපෘතියකි.

මේ සම්බන්ධයෙන් හිටපු බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි තම ෆේස්බුක් පිටුවට එක් කර තිබූ සටහන මතු දැක්වේ.

“ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය: රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි!

ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මෙරට පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු මෙගා වොට් 20 (BESS) මේ වනවිට කොළඹ වරායට ළඟා වී ඇත!

පුනර්ජනනීය බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කිරීමේ අපගේ ජාතික ඉලක්කය කරා යන ගමනේදී මෙය සැබවින්ම විප්ලවීය පියවරකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments