Homeදේශීයනොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීමට අනුකාරක සභාවක්

නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීමට අනුකාරක සභාවක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය මඟින් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර තිබේ.

මෙම අනුකාරක සභාව පත් කර ඇත්තේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වන අතර, එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතා වෙත පැවරී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබූ අතර, එම රැස්වීමේ සභාපතිත්වය දරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාය.

නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම්, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් සහ ආයතනික අඩුපාඩු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මෙම අනුකාරක සභාව පත් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා පරිසර, බලශක්ති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments