Homeදේශීයචාමර සම්පත් මැතිසබෙන් ඉවතට

චාමර සම්පත් මැතිසබෙන් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට මුලින්ම උත්සාහ දැරූ අවස්ථාවේ කතානායකවරයා ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.
ඉන්පසු සභානායක බිමල් රත්නායකගේ මැදිහත්වීමෙන් පසු කථානායකවරයා විසින් එම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුන්නා.

එම ප්‍රකාශය අවසන් කිරීමට චාමර සම්පත් මන්ත්‍රීවරයාට ඉඩ ලබා නොදීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී කතානායකවරයා ප්‍රථමයෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කරන ලෙස නියෝග කළ අතර,ඉන්පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මන්ත්‍රීවරයා සභා ගැබෙන ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කළා.

වේත්‍රධාරී කුෂාන් ජයරත්න ඇතුළු නිළධාරීන් මන්ත්‍රීවරයා ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments