Homeදේශීයක්ලීන් ශ්‍රී ලංකා තුන්දෙනෙකුට මොකද වුණේ?

ක්ලීන් ශ්‍රී ලංකා තුන්දෙනෙකුට මොකද වුණේ?

ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සංඛ්‍යාව වෙනස් වී ඇත.
එම වෙනස්වීම සිදු වූ ආකාරය පැහැදිලි නොවේ.

2024 දෙසැම්බර් 9 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සභාපතිත්වයෙන් දහ අට දෙනකුගෙන් යුත් පිරිසක් පත් කරනු ලැබීය.

එහෙත් පසුගිය අප්‍රේල් හත්වන දින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්නයක් යොමු කරමින් මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් පිළිබඳව විමසා තිබිණ.

ඊට අග්‍රාමාත්‍යවරිය විසින් සපයා ඇති පිළිතුරක සාමාජිකයින් ගණන පහළොව දක්වා අඩුවී ඇත.

ඒ අනුව සන්ධ්‍යා සල්ගාදු, දීපාල් සූරියාරච්චි,ජයතු පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ නම් සඳහන් නොවේ.

එමගින් පැහැදිලි වන්නේ මොවුන් මෙම කාර්ය සාධක බලකායෙන් ඉවත් කර ඇත්ද?එසේ නැත්නම් ඔවුන් ඉල්ලා අස්වී ඇත්ද යන්න බරපතල ගැටලුවකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments