Homeදේශීයඉහළ යන විදුලි බිල

ඉහළ යන විදුලි බිල

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තුව සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ යෑමෙන් විදුලි පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය ලිඛිතව කොමිසමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව මෙවර විදුලි ගාස්තු වැඩිවීම මෙරට විදුලි පාරිභෝගිකයන් 95% ටම අදාළ වන්නේ නැහැ.

මෙහිදී ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා කිසිදු ගාස්තුවක් වැඩි වීමක් සිදු වන්නේ නැහැ.

නමුත් ඒකක 181 ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9570 ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක්.

ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ ‍යන බවද සඳහන්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments