Homeදේශීයවෙසක් දන්සැල් 382 ක් තිබිලා

වෙසක් දන්සැල් 382 ක් තිබිලා

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවය.

දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මේ අතර ඊයේ පැවති පොහෝ දිනය වෙනුවෙන්ද දිවයින පුරා දන්සැල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවත් චමිල් මුතුකුඩ මහතා පැවසීය. එම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුව තිබූ බවද සඳහන් කළේය.

මෙම වර්ෂයේ මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති අතර, ඉන් ඊයේ දිනය වෙසක් පොහෝ දිනය ලෙස නම් කර තිබුණි.

එහෙත් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා හා කරුණු දැක්වීම් මත සාකච්ඡාමය එකඟතාවකින් පසු වෙසක් පොහෝ දිනය ලෙස මැයි 30වැනිදා යෙදෙන පොහොය දිනය නම් කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ හේතුවෙන් ඊයේ දිනය අධි වෙසක් පොහෝ දිනය ලෙසින් සැලකුණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments