Homeදේශීයවිපක්ෂයෙන් ජාත්‍යන්තරයට ලිපියක්

විපක්ෂයෙන් ජාත්‍යන්තරයට ලිපියක්

පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ නීතිය හා සාමය පිරිහීම වැළැක්වීම සඳහා සිය යුතුකම ඉටු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසමත් වී ඇති බව අදාළ ලිපියේ දැක්වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ කැපී පෙනෙන ලක්ෂණ අද වන විට අඛණ්ඩ සහ දැවැන්ත අභියෝගයකට ලක්ව ඇති බැවින් ජාත්‍යන්තර වෘත්තීය ආයතන වල අවධානය මේ සඳහා යොමු කර ඇත.

ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) , පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය , ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) , ජාත්‍යන්තර තරුණ නීතිඥ සංගමය (AIJA) , ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් , හියුමන් රයිට්ස් වොච් , එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන 12 ක් වෙත මෙම ලිපිය යොමු කරමින් , දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවති නීතිමය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු මැදිහත්වීම් සිදු කරන ලෙස මෙරට විපක්ෂය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.

නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවන බලපෑම්වලට එරෙහිව මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත මේ ලිපිය යොමුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments