Homeදේශීයමේ ආණ්ඩුව පෙරළන්න බෑ.

මේ ආණ්ඩුව පෙරළන්න බෑ.

වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින තියුණු ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළහොත් රට මීට පෙර කිසිදා නොවූ විරූ අන්දමේ අතිශය දේශපාලන අස්ථාවරභාවයකට ඇද වැටිය හැකි බව තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආචාර්ය දේවසිරි මහතා තර්ක කරන්නේ, මෙම ආණ්ඩුව පෙරළා දමා පැරණි දේශපාලන පන්තිය නැවත බලයට පැමිණියහොත් එය 2015 ආණ්ඩුවටත් වඩා දරුණු අස්ථාවර පාලනයක් වනු ඇති බවයි.

මහජන විරෝධතා සංවිධානය කිරීමට සහ ඒවා පාලනය කිරීමට ජාතික ජන බලවේගයට ඇති හැකියාව නිසා, ඔවුන් ආණ්ඩු බලයේ සිටීම දේශපාලන ස්ථාවරභාවයට හිතකර බව ඔහු පෙන්වා දෙයි.

පරිපාලනමය දුර්වලතා කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය තාක්ෂණික ශිල්පීන් හරහා යම් මට්ටමකට සිදු වුවද, ඔවුන්ගේ දේශපාලන කළමනාකරණය අතිශයින්ම අපරිණත බව ඔහු විවේචනය කරයි.

පක්ෂ කාඩර්වරුන් හරහා සිදුකරන දේශපාලන මෙහෙයුම් දුර්වල මට්ටමක පවතින බවත්, එය ආණ්ඩුවේ අනාගතයට බලපෑම් කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments