Homeදේශීයබලශක්ති ඇමතිට එරෙහි විවාදය අප්‍රේල් 10

බලශක්ති ඇමතිට එරෙහි විවාදය අප්‍රේල් 10

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, මීළග පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව අදාළ විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන් බව සදහන්.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments