Homeදේශීය2025 දෙමාපියන් අහිමි රැකවරණය අවශ්‍ය දරුවන් 13521ක්

2025 දෙමාපියන් අහිමි රැකවරණය අවශ්‍ය දරුවන් 13521ක්

දෙමාපියන් අහිමි හා රැකවරණය අවශ්‍ය ළමුන්, බරපතළ අවධානමකට ලක් වීමේ ළමුන් ලෙස 2025 වසර තුළ දරුවන් දහතුන්දාස් පන්සිය විසිඑක්දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය විසින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයකට සභාගත කරන ලද පිළිතුරකයි.

ක්ෂේත්‍රගත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර අනුමත කාර්ය මණ්ඩල නිලධාරීන් සංඛ්‍යාව 426කි.

එහෙත් දෙපාර්තමේන්තුගත ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර තුනක්, ක්ෂේත්‍රගත ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර 21ක් සහ හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් එකසිය අසූ නවයක් ලෙස නිලධාරීන් 393ක් කටයුතු කරනු ලැබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments