රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කමිටු 4ක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ බව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළේ ය.
රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද, විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති කමිටුවක්ද පත් කර ඇතැයි ඔහු පැවසීය.
තවද, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධීක්ෂණය කිරීම සඳහා බිමල් රත්තනායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සහ විවිධ සමාජ ස්ථරයන් සඳහා සුභසාධන සැලසීම සඳහා වන කමිටුවක් උපාලි පන්නිලගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන බව ඔහු සඳහන් කළේ ය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, එම කමිටුවලට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිලධාරීන් පත් කරන බව ය.
එමෙන් ම, අදාළ කමිටු හරහා රටේ තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේ ය.



