ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී රැස්වූහ.
ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, වර්තමානයේ මතුවී ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.
එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවද රනිල් වික්‍රමසිංහ එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ, සියලු පක්ෂවල අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් උග්‍ර බරපතල දේශපාලන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවයි.
මීට සහභාගි වූ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන්
සමගි ජන සන්ධානය – නීතිඥ දයාසිරි ජයසේකර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
එක්සත් ජාතික පක්ෂය – නීතිඥ තලතා අතුකෝරළ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – නිමල් සිරිපාල ද සිල්වා
එක්සත් ජනරජ පෙරමුණ – පාඨලී චම්පික රණවක
දමිළ ප්‍රගතිශීලි සන්ධානය – මනෝ ගනේෂන්
නව ලංකා නිදහස් පක්ෂය – සෙනාල් වෙල්ගම
පිවිතුරු හෙළ උරුමය – උදය ගම්මන්පිල
එක්සත් මහජන පක්ෂය – ටිරාන් අලස්
ජාතික සමගි සන්ධානය – අසාද් සාලි
ශ්‍රී ලංකා මහජන පක්ෂය – අසංක නවරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානය – මහින්ද අමරවීර
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ප්‍රේමනාත් දොලවත්ත.
නව ජනතා පෙරමුණ – සුගීෂ්වර බණ්ඩාර



