පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විමර්ශනය කර, ඒ සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව ක්‍රියාත්මක වන බවයි.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පවතින නෛතික හා ක්‍රියාපටිපාටිමය බාධා ඉවත් කරමින්, වඩාත් උචිත මැතිවරණ ක්‍රමවේදයක් හඳුනා ගැනීම මෙම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වේ.
මෙම විශේෂ කාරක සභාව සඳහා නම් කරන ලද සෙසු සාමාජිකයන් වන්නේ:
රංජිත් මද්දුම බණ්ඩාර මහතා
මනෝ ගනේෂන් මහතා
නීතිඥ සුනිල් වටගල මහතා
ෂානක්කියන් රාසමාණික්කම් මහතා
ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා
සමන්මලී ගුණසිංහ මහත්මිය
මුනීර් මුලාෆර් මහතා
අරුන් හේමචන්ද්‍රා මහතා
ධර්මප්‍රිය විජේසිංහ මහතා
චන්දන සූරියආරච්චි මහතා
නිසාම් කාරියප්පර් මහතා



