“දිට්වා’’සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් පොල් ආශ්රිත කර්මාන්තවලට රුපියල් මිලියන 1,576 ක පමණ හානියක් සිදුවී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
සුළි කුණාටුව නිසා හානිවූ පොල් ආශ්රිත කර්මාන්ත 87 ක තොරතුරු මේ වනවිට ලැබී ඇතැයිද එම අධිකාරිය පවසයි.
එම කර්මාන්තවලට සිදුවී තිබෙන හානිය රුපියල් මිලියන 1,576 ක් බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
පොල් මදය ආශ්රිත කර්මාන්ත, පොල් ලෙල්ල, පොල් කට්ට, කොහු බත්, පොල් තෙල් ආදිය ආශ්රිත කර්මාන්තවලට මෙලෙස ආපදා තත්ත්වයෙන් හානිවී ඇතැයිද ඔහු කීවේය.
පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පොල් ආශ්රිත කර්මාන්ත 600 ක් පමණ තිබෙන අතර,පොල් තෙල් හැර අනෙකුත් සියලු නිෂ්පාදන අපනයන වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවද එම නිලධාරියා පැවැසීය.



