Homeදේශීයහිටපු කතානායක රන්වල රිය අනතුරකට

හිටපු කතානායක රන්වල රිය අනතුරකට

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබේ.

ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ.

ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments