Homeදේශීයපළාත් සභා ඡන්දයට විශේෂ කාරක සභාවක්.

පළාත් සභා ඡන්දයට විශේෂ කාරක සභාවක්.

පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.

සභානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.

රටේ මැතිවරණ ක්‍රම පිළිබඳව සංවාදය වඩාත් පුළුල් හා ගැඹුරු විය යුතු බැවින් කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම, තරුණ නියෝජනය, වියදම් සීමා, මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය, පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම අැතුළත් ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට පුලුල් සංවාදයක් කළ යුතු බව එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.

කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්වේ.

පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments