මෙරට තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද පැවැසුවාය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.
2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා අනුපාතය 2025 වසරේ දී 3.8ක් දක්වා පහළ බැස ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.



