ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න, තම දරුවාගේ පියා යැයි පවසමින් මහේස්ත්‍රාත් අධිකරණයට නඩු කටයුත්තකට පැමිණි කාන්තාව ගුවන් සේවිකාවක් නොවන බවට ශ්‍රී ලංකා ගුවන් සේවක සේවිකාවන්ගේ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අදාළ කාන්තාව කිසිදු ගුවන් සමාගමක සේවය කරන ගුවන් සේවිකාවක් නොවන බවත් ඇය ගුවන් සේවිකාවක් ලෙස වැරදි අන්දමින් හඳුනාගැනීම නොමඟ යවන සුළු එකක් වන අතර එමඟින් තම සාමාජිකයින්ගේ වෘත්තීය කීර්ති නාමයට කැළලක් ඇති කරන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



