මන්ත්‍රිවරයකුගෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා පැමිණි ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදිනියකට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පසුගියදා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පැමිණ වාචික හිංසනයකට ලක්කර තිබූ බව වාර්තා වෙයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
නිවේදනය පහත දැක්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුව තිබේ.
මෙම සිද්ධියට මුහුණ දී තිබෙන බව සඳහන් වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයට නොපැමිණ අයවැය විවාදය මාර්ගගත ක්‍රමය ඔස්සේ වාර්තා කරන මාධ්‍යවේදිනියකි.
සිද්ධිය වූ දින එම මාධ්‍යවේදිනිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයකුගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම සඳහාය.
මේ වන විට සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එම සිදුවීම පිළිබඳව පළවන වාර්තාවල සඳහන් කරුණු මගින් මෙන් ම ඊට අදාළව විවිධ පාර්ශව විවිධ අදහස් පළ කිරීම සිද්ධිය තවදුරටත් ව්‍යාකූලත්වයකට පත් කිරීමට හේතු වී තිබේ.
මේ දිනවල 2026 අයවැය විවාදය පැවැත්වෙන බැවින් එම සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදිනියට වඩා අපහසුතාවට පත්ව සිටින්නේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ වාර්තාකරණයේ නිරත වන මාධ්‍යවේදිනියන්ය.
ඒ සම්බන්ධයෙන් සංගමයක් ලෙස අප කනස්සල්ල පළ කර සිටින්නෙමු.



